වෙසක් දිනය වෙනුවෙන් මැයි දිනය කල් දමන්නට තීරණය කළ ආණ්ඩුව අප්‍රේල් මාසයේ දී වෙසක් සැමරුවේ ය. රතු කොඩි ද, සැරසිලි ද, පාක්ෂිකයෝ ද ටාටා හා ලේලන්ඩ් බස්වල පටවාගත් ජනතා විමුක්ති පෙරමුණ, යුද හමුදා වෙසක් කලාප ඉදි වූ යාපනයට පසු බැස්සේය. නමුත් ආණ්ඩුවේ මැයි දින තහනම කඩා මැයි දිනය පවත්වම්හයි ශපථ කළ වෘත්තීය සමිති බහුතරයක් කොළඹදී ම මැයි දිනය සමරා වීදී බැස්සාහ. මැයි පළමුවැනිදා වීදි දිග ඇදුණු බොදු කොඩි වැල් යටින් රතු කොඩි ළෙලදුනි. 'මැයි දිනය රැකගැනීම වූ සඳහා වෘත්තීය සමිති එකමුතුවේ' නියෝජිතයෝ කොටුව දුම්රිය පොළ අභියසට රැස්ව ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් අගනුවර මාවත් සැරූහ.
ලක්ෂ්මන් වර්ණකුලසූරිය ඒ සටන්කාමී නිමේෂයන් සිය කැමරාවට හසුකර ගත්තේය. | වැඩිදුර තතු
Credits:
Lakshman Warnakulasooriya | JDS Lanka