රාජපක්ෂ ආණ්ඩුවේ අශිෂ්ඨත්වය ලොවට පෙන්වමින් සිර මැදිරියක් තුළ යළිත් වරක් රැදවියන් 27 දෙනෙකු ඝාතනය කළේය. ඒ වැළිකඩ බන්ධනාගාරයේ 2012 නොවැම්බර් 09 වනදාය. රාජපක්ෂ ආණ්ඩුවේ 1000කට ආසන්න ආයුද සන්නද්ධ හමුදාව වැලිකඩ සිරමැදිරයට කඩා වැදී අමු අමුවේ මෙසේ ඝාතනය කළේ ආණ්ඩුවේ සිර මැදිරියක් තුළ සිටි රැදවියන්ය.
දැන් එම සැළසුම් සහගත ඝාතනයට අදට(නොවැම්බර් 9) වසර 4ක් ගතවේ. නමුත් ඒ ඝාතනය මෙහෙයවූ අලුගෝසු රාජපක්ෂ පාලනය අවසන් වී තිබේ. දැන් ඇත්තේ නව පාලනයක් හෙවත් ‘යහපාලනයකි.
ඒ තත්ත්වය තුළ වැළිකඩ රැදවියන් ඝාතනයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණ වීමට වත්මන් පාලනයට වගකීමක් තිබේ. යහපාලනය ගෙන එන බවට පොරොන්දු දී පැමිණි වත්මන් පාලනයට එම වගකීමේන් මිදීමට නොහැකිය. නමුත් යහපාලනයට දෙවසරක් සම්පූර්ණ වීමට ආසන්නව තිබිය දී පවා ඒ ගැන කිසිදු පරීක්ෂණයක සේයාවක්වත් දක්නට නැත. ආණ්ඩුවේ සිර මැදිරියක් තුළ රැදවියන් ඝාතනය කිරීම අපරාධයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එබැවින් ‘යහපාලන‘ මූලධර්ම රකින්නේ නම් වැළිකඩ රැදවියන් ඝාතනය කළ ඝාතකයන් ලෝකය හමුවේ හෙළි දරව් කර ඔවුන් නීතිය හමුවට පැමිණ විය යුතුමය. එසේ නොවුන හොත් ශිෂ්ඨ සමාජය ප්‍රශ්ණ කරනු ලබන්නේ ‘යහපාලනය‘ ය. එසේම ඝාතකයන් රකිනවා යැයි ‘යහපාලනයටත‘ කියන්නට වැඩිකල් යන්නේ නැත. එබැවින් අන් සියලු අපරාධවලට සේම වැලිකඩ ඝාතනයටත් අවශ්‍ය වන්නේ යුක්තියයි.
මේ සටහන ඒ වෙනුවෙනි.!!!!
[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]
‘‘අපිට දැන ගන්න ලැබුනා, සෝදිසි මෙහෙයුමකට ආරක්ෂක අංශ බන්ධනාගාරය තුළට එනවා කියලා. ඒ මොහොතේ අපිට දැනගන්න ලැබුන විදිහට එල් හෝල් එක කියලා, එල් වාට්ටුව කියලා සැකකරුවො රදවලා තියන ස්ථානයක් තියනවා. සිර මැදිරියක් තියනවා. ඒ සිර මැදිරියට ඒ මොහොතේ ඒ සිර මැදිරියට ආරක්ෂක අංශ යනවා කියන එක දැනගන්න ලැබුනා. අපිට දැන ගන්න ලැබුනා දැඩි විරෝධයක් මත තමයි ඒ ගොල්ලො යන්නේ මොකද, බන්ධනාගාර නිළධාරීන් කියලා තියනවා එන්න එපා ඇතුළට, ආයුධ අරගෙන විශේෂයෙන් බන්ධනාගාරය තුළට එන්න තහණම්, ඒක නිසා එයට එන්න එපා කියලා කියද්දි, ‘නෑ අපි එනවා මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්‘ ‘අපිට කරන්න දෙයක් නෑ‘ කියලා 1000කට වැඩි ප්‍රමාණයක් එනවා….. ‘‘
[Video] වැලිකඩ ඝාතනය | ‘මිලිටරිකරණ ක්‍රියාදාමය තුළ, ‘උන්ව මැරුවට කමක් නෑ’ කියන එක සමාජය තුල හැදුවා‘[ධර්මසිරි බණ්ඩාරනායක] 2015 පෙබරවාරි 03
වැඩිදුර තොරතුරු සදහා.. http://www.vikalpa.org/?p=23140
‘‘සියලු දේවල් මෙහෙය වන්නේ වෙළදපොල විසින්, මනුෂ්‍යත්වයට කිසිම ඉඩක් නැහැ‘‘ දීප්ති කුමාර ගුණරත්න ( 2012 නොවැම්බර් 18/ Full Video: https://www.youtube.com/watch?v=50h-02fP4B8
වැළිකඩ ඝාතනය | ‘20ක් විතර මරලා තියනවා. අම්මේ මට බයයි‘ කියලා කිව්වා.[Video/Photos]
‘‘රෑ 7ට විතර අපිට කිව්වා, 20ක් විතර මරලා තියනවා. අම්මේ අපිට බයයි කියලා. ඊට පස්සේ වෙඩි තියන්න ආපු කට්ටිය එළියට අරං ගිහිල්ලා, එයාවයි තව තුන්දෙනෙකුයි අරංගිහිලා, ඒ 4දෙනාගෙන් එක්කෙනෙක් එළවලා අනික් 3න් දෙනා වෙඩි තියලා මරලා දැම්මා……(මවක්)‘‘ වැඩිදුර තොරු සදහා http://www.vikalpa.org/?p=23311 (2015 පෙබරවාරි 17)
තෝර තෝර -මිනි මරන්න
අණ දුන්නේ – කවුද කවුද
කමිටු හදලා – යට ගහන්න
අපි දෙන්නෑ – යට ගහන්න
යහපාලනේ – යහපාලනෙ
කතා කරපු – යහපාලනෙ
පොරොන්දු වුණා – යහපාලනෙ
මෙන්න කරනු – යහපාලනෙ (විරොධතාවයක සටන් පාඨ කිහිපයක්)
යුද්ධය බොරැල්ලට පැමිණීම නොහොත් නීමොලාර් ජිවමානවීම
ඝාතනය වනු ඇත්තේ අනෙකා පමනකැයි සිතන සියල්ලන් වෙත නාසි ඝාතක කඳවුරක සිට දේවගැති මාටින් නිලමෝර් ලියු ‘ඔවුන් මා සොයා එන විට මා වෙනුවෙන් කිසිවකු නොසිටියහ’ යන ඒ වචන යළි යළිත් ආදේශ වන දේශයක් සමහර විට ශ්‍රී ලංකාව තරම් නැතිවා විය හැකි ය.
උන්.. පාතාලයින්, මැරැවහම මොකදැයි නොසිතන්න. මන්ද යත් පාතාලයින් වුවත් ඔවුන් ද මනුෂයින් වන නිසා ය. අනෙකාගේ ජිවිත අයිතිය වෙනුවෙන් අවධි නොවන හඩ, දිනෙක ස්වකීය මරණයේ ද නිහඩ සාක්ෂිය විය හැකි නිසා ය.
සුනන්ද දේශපි‍්‍රය (2012 November 20 / More Read: http://www.vikalpa.org/?p=13265 )
මිලිටරිකරණයේ තවත් ගොදුරක් වූ වැලිකඩ හිරගෙදර
නමුත් අවබොධ කර ගතයුතු දෙය වන්නේ බන්ධනාගාර රැදවියන්ගේ සියලු ක්රියාකාරීත්වයන් අධීක්ෂණයට සහ පහසුකම් සැපයීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවක් සහ නිළධාරීන් සිටියදී STF සහ යුධ හමුදාව බන්ධනාගාර වැඩකටයුතුවලට සම්බන්ධ වීමය.(බන්ධනාගාර තුළ මත්ද්‍රව්‍ය, අවි ආයුධ තිබෙනවා නම් ඒවා එන්නේ එළියෙන් බැවින් එය නතර කිරීමට උපායමාර්ග සකස් කිරීමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු වගකීමකි. එසේ ඒවා තිබේදැයි සේවීම ද බන්ධනාගාර නිළධාරීන් සතු වගකීමකි.) බන්ධනාගාරය සහ එහි රැදවියන් සමග කටයුතු කිරීමට එයටම වූ නීතියක් සහ අචාරධර්මයන් ඇත. මක්නිසා ද යත් බන්ධනාගාරයක් යනු සුවිශේෂි ස්ථානයක් නිසා ය. කිසියම් අධිකරණයකින් යම් පුද්ගලයෙකු සැකකරැවෙක් ලෙස හෝ, වරදකරැවෙක් ලෙස බන්ධනාගාර ගත කිරීමට නියෝග කිරීමෙන් පසු එතැන් සිට එම රැදවියන් සම්බන්ධයෙන් සියලු වගකීම් ඇත්තේ බන්ධනාගාර නිළධාරීන්ටය. විශේෂයෙන් ආයුධ සන්නද්ධව කිසිදු පුද්ගලයෙකුට බන්ධනාගාරයට පිවිසීම තහනම් ය. මෙවැනි තත්ත්වයක් තුළ STF සෙබලුන් සහ ඔවුන්ගේ අණ දෙන නිළධාරීයා උතුරේ දී සිදුකල සංහාරයට මෙන් ආයුධ සන්නද්ධව ගොස් රැදවියන් පරීක්ෂා කීරීමට යාමෙන් සිදු වූයේ 30දෙනකුට ආසන්න පිරිසක් ඝාතනය වී විශාල පිරිසකට තුවාල සිදු කිරීමය
සම්පත් සමරකෝන් (2012 November 10 / More Read: http://www.vikalpa.org/?p=13170 )