ඒක මැරුණු නගරයක්. ඒක මිනිසුන් නැතිවා සේ ඔහේ බලා සිටින නගරයක්! එහි ඉතිරිව ඇත්තේ ආරක්ෂාවට කිහිප දෙනෙක් සහ එදවස හොදින් දිවි ගෙවූ නිළ නිවාස වල ජීවත් වූ පවුල් කිහිපයක් පමණි. මහා යන්ත්‍රසූත්‍රවල මකුලුවන් සිය නිවෙස් ජනපද සේ පවත්වාගෙන යයි. ඇතැම් තැනක වූ ට්‍රැක්ටරයක එන්ජිමේ අපූරුවට තැනූ කුරුළු කූඩයකි. කිසිවෙකුගෙන් ඔවුන්ට බාධාවක් නැති සේයකි. යාන වාහන, යන්ත්‍රසූත්‍ර අතරින් රිසිසේ තණ උලා කන ගවයන් කිහිප දෙනෙක් හැරනේනට, ඒ මහා භූමිය තුළ කිසිවෙකුත් නැත. ඒ අදය..එදා මහා ධනස්කන්දයක් ඉැපයූ, මිනිසුන් 10000කට වැඩියෙන් ජීවිතය සරු කරගැනීමට මග පෑදු කන්තලේ සීනි නිශ්පාදනාගාරයයි. සත්‍ය ලෙසම කර්මාන්ත නගරයයි..
එය නම් කොළඹ සිට කිලෝමීටර් 156ක් දුරින් පිහිටි ‘කන්තලේ සීනි කර්මාන්ත ශාලාව‘ නමින් බොහෝ දෙනා දන්නා විශාල කර්මාන්ත භූමියයි. ['කන්තලේ සීනි සංස්ථාව' නමින්, ආරම්භය - 1960 ඔක්තෝබර් 02]
2005 ඔක්තෝබර් 26 කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම සදහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තැබූ මුල් ගලද මේ වන විට මුල් අදෙමින් මිය ගොස් තිබේ.
විනාශයේ ආරම්භය!!
මූලිකවම වගකියන්න ඕන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව...