‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය 2020 වසරේ දී විශේෂාංග, විවරණයන් මෙන්ම ගවේශනාත්මක වාර්තාවන් ඇතුලු ලිපි 550+කට වැඩි සංඛ්‍යාවක්, කාටූන්, වීඩියෝ මෙන්ම ඡායාරූප සිය ගණනක් පළ කර අති අතර, ඒ සදහා සියගණනක් ලැබුණු ප්‍රතිචාර සහ ඒවා වෙනත් මාධ්‍ය අවකාශයන් විසින් උපුටා දැක්වීම තුළින් සංවාදයට බදුන් වී ඇත. විශේෂයෙන් එම පළකිරීම් ෆේස්බුක් හී 16000+කට ආසන්න සාමාජිකයින් අතර ද, ටිවීටර්, යු ටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් ඇතුලු සමාජ මාධ්‍ය අවකාශයන් තුළ ඇතිකළ සංවාදයන් තුළ සැලකිය යුතු අදහස් ප්‍රමාණයක් හුවමාරු කරවීමට සමත් විය.
බොහෝ අවස්ථාවලදී එම අන්තර්ගතයන් සම්පාදනය කිරීමට සහ පෝෂණය කිරීමට විවිධ ක්ෂේත්‍රයන්ට අදාල පුද්ගලයින් සහ කණ්ඩායම්, සංවිධාන දායක විය. ඡායාරූප, වීඩියෝ, මෙන්ම පුරවැසි කතා, අදහස් මෙන්ම සමාජ දේශපාලනික අන්තර්ගතයන් අඩංගු ලිපිවල ස්වරූපය ගත් මෙය, අපගේ සමාජ, සංස්කෘතික සහ දේශපාලනික වියමන තීරණය වුනු ප්‍රධාන ගැටලු, ක්‍රියාවලි සහ සිදුවීම් මහත් උනන්දුවකින් විමසා බැලිනි.
කෙසේ නමුත් 2020 මුල් කාර්තුවේම ගෝලිය වසංගතයක් වූ කොරෝනා රෝගය නිසා ඇතිවූ ව්‍යාකූල තත්ත්වය මත ඇතැම් ක්‍රියාකාරීත්වයන්ගේ පසු බෑමෙන් විකල්ප වෙබ් අඩවියටද මිදීමට නොහැකි විය. එසේ වූ නමුත්, අන්තර්ජාල අවකාශයේ අපගේ මාධ්‍ය ක්‍රියාවළිය එසේම පවත්වාගෙන යාමට උත්සහා ගැණිනි. එසේම දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම්ද සිදු වූ විශේෂ වසරක් ලෙස 2020 නම්කල හැකිය. එහිදී පැවතුනු සිමාසහිත වූ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන්, ඇතැම් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණයන් නිසා දරුණු ඉරි තැලීම්වලට ලක්වීමද මේ අවස්ථාවේ සටහන් කළ යුතුමය. මානව අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික හා සංස්කෘතික අයිතීන් ඉතා වේගයෙන් හැකිලෙන වසරක් තුළ ඒවා දෘෂ්ටිවාදීව සාකච්ඡා කරන, සංවාදකරන වේදිකාවක් බවට අර්බුද හමුවේ උවද, පවත්වාගෙන යාමට 'විකල්ප වෙබ් අඩවිය' උත්සහා ගෙන තිබේ.
කෙසේ නමුත් අන්තර්ජාල අවකාශය තුළ මෙන්ම, භූමියේ දී ද, විවිධ බාධාවන් එල්ලකරමින් සහ සියුම් ලෙස නිරීක්ෂණය කරමින් ඇති තත්ත්වයක් තුළ වුව ද අන්තර්ජාලය පදනම් කර ගත් නව මෙවලම්වලට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාකාරිත්වයන් සියුම් ලෙස පරීක්ෂාවකට ලක් කළ හැකි බව මෙයින් විදහා දැක්විණ.
එපමණක් ද නොවේ. සහජයෙන් ම ප්‍රජාතන්ත්‍ර විරෝධි පාලන තන්ත‍්‍රයන් නිරුවත් කිරීමට අන්තර්ජාලය සතු හැකියාව එන්න එන්න ම වර්ධනය වෙමින් පැවතීම ද ඒ අතර වර්තමානයේ සුවිශේෂය. මර්දනය පිළිබඳ අවධාරණය වැඩි වන තරමට කතා පුවත් එළිදරව් කිරීමට කෙරෙන බල කිරීම නොවැළැක්විය හැකි ලෙස වර්ධනය වෙයි. එම තත්ත්වයන් තුළ වුවද, නානාවිධ පුරවැසියන් විශාල සංඛ්‍යාවක කැප වීම ඔස්සේ විකල්ප වෙබ් අඩවිය වසර 11කට වඩා කාලයක් සුවිශේෂී ඉලක්ක ගත ක්ෂේත්‍රයන් තුළ මහජන සංවාදයට සහය වී ඇත. එම සංවාදයන් පෝෂණය කිරීමට ශක්තියක් සපයා ඇත. එසේ නොවන්නට සමහර විවාදාත්මක කාරණා වැලලී යන්නට තරම් ඉඩ තිබිණි. එසේත් නැතිනම් එතරම් 'අදාළ නොවන' තත්ත්වයකට පත් වන්නට ඉඩ තිබිණි.
මේ සියලු දෙයත් සමග, ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ෆ‍්‍රීඩම් හවුස් සංවිධානය 2020 දී ත් 'අන්තර්ජාල නිදහස' පිළිබඳව නිකුත් කර තිබූ Freedom of the Net 2020 නම් වාර්ෂික වාර්තාවේ දී, VIKALPA, GROUNDVIEWS, MAATRAM වෙබ් අඩවි ගැන මෙසේ සඳහන් කරයි:
''..විවිධ අන්තර්ගතයන් සාමාන්‍යයෙන් Online වේදිකාවන් මගින් ලබා ගත හැකිය. සමාජ මාධ්‍ය, සන්නිවේදන වේදිකා සහ බ්ලොග්, පහසු හා පුළුල් ලෙස ලබා ගත හැකි අතර, මාධ්‍ය භූ දර්ශනය විවිධාංගීකරණය කරමින් දේශීයව විවාදයට ඉඩහසර විවරකර දෙයි. තොරතුරු වාරණය කිරීමේ ඉතිහාසයක් සහ, වාර්තාකරණ කාල සීමාව තුළ අන්තර්ජාල වේදිකාවල ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන් ඉලක්ක කර සිදුවන බිය ගැන්වීම් සිදුවන අතරේ, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් අන්තර්ජාලය හරහා විවිධ තොරතුරු ප්‍රභවයන් ලබා ගැනීමේ හැකියව ඇත.''
''ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් නොසලකා හරිනු ලබන පුරවැසියන් විසින් ජනනය කරන ලද අන්තර්ගතයන් Vikalpa, Groundviews සහ Maatram වැනි වෙබ් අඩවි මගින් එලිදැක්විම සිදුකරයි.'' (එම සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න)
කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකාව තුළ අන්තර්ජාල අන්තර්ගතයන් අවහිරකිරීම්, නිරීක්ෂණයන්, ඉදිරියේදී ද තියුණු අන්දමින් වැඩි විය හැකි තත්ත්වයක් තුළ විකල්ප අඩවියට 2022 වසර අභියෝගාත්මක වසරක් විය හැකි ය. අභියෝගයන් මෙසේ අඛණ්ඩව වර්ධනය වෙමින් පැවතිය ද, පුරවැසි මාධ්‍යක් ලෙස වෙබ් මාධ්‍යය සඳහා තවත් වටයකින් අපට හැකි පමණින් දායක වීම ඉදිරියේදීත් අඛණ්ඩව සිදු කිරීම අපගේ අරමුණයි. අනෙක් වැදගත් කරුණ වන, නිදහස් මතවාදවලින් තොර පාලනය, අධිපති පාලනය, අනීතික ලෙස සිදුකරන අත්අඩංගුවට ගැනීම්, ඊනියා සංවර්ධනය නමින් සිදුකරන පරිසර විනාශයන්, ආගමික අන්තවාදීන් විසින් සිදුකරන වෛරී ප්‍රකාශයන්, සුලුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් මර්දනය කිරීම්, සමාජ මාධ්‍ය අතුලු අන්තර්ජාල අවකාශ සියුම් ලෙස මර්දනයන්, මානව හිමිකම් පදනම් නොකර සිදුකිරීමට උත්සහා කරන නීති වෙනස් කිරීම් සහ අසීමිත දූෂණය නිසා ඛේදජනක ලෙස මග හැරෙන, යුද්ධයෙන් පසු ලංකාවේ ඉඩප්‍රස්ථා පිළිබඳව කෙරෙන මහජන විවාදයට අතිශය වැදගත් වන අන්තර්ගතයන් විකල්ප අඩවියෙහි ඇතුළත් කර ගැනීම ඒ තුළ ප්‍රමුඛ වෙයි.
එසේම පවතින අසීරුම මොහොතේ වුවද පීඩිත වින්දිතයන්ගේ යුක්තිය වෙනුවෙන්, සමාජ සාධාරණත්වය සහ පොදු යහපත වෙනුවෙන් සිය පුරවැසි මාධ්‍ය ක්‍රියාවලියේ සිට මහපොළවේ සිදුවෙන යහපත් මිනිස් ක්‍රියාවලින් සමග එකට, එක්ව සිට ගැනීමත් අපට අත්හල නොහැකි වගකීමක් ලෙස අපි සිතමු.
එබැවින් එළඹෙන 2021 නව වසර අපට සුභ විය හැකි වන්නේ, යුක්තිය සහ සාධාරණත්වය ඇවැසි මිනිසාට යුක්තිය සහ සාධාරණත්වය ඉටුවන මානව හිමිකම් පදනම් සමාජයක් වෙනුවෙන් වෙහෙස වුවහොත් පමණි. ඒ සදහා පවතින දේශපාලන සහ සමාජ තත්ත්වය තුළ වෙහෙසව වැඩකල යුතු බව දනිමු. ඒ සදහා පාඨකයන්ට මෙන්ම සියලු පුරවැසියන්ටද ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කරමු. මේ සියලු දෙයට ඔබගේ දායකත්වය ලබා දෙනු ඇතැයි ද, ඔබ සතු ශක්තීන් සහ අදහස් බෙදාහදා ගනු ඇතැයි ද පෙර කවර දාටත් වඩා අර්ථාන්විත ලෙස මෙම කටයුතුවලට දායක වනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.
මේ සියලු අදහස් සමග, 2020 'විකල්ප' වෙබ් අඩවිය හා බැදි අන්තර්ජාල වේදිකාවන් තුළට, පළ කරනු ලැබූ අන්තර්ගතයන් #YearInReview2020 ලෙස සාරාංශගත දිගහැරීමක් ඔබ හමුවේ තබමු.
JANUARY 2020
‘සුදු වෑන්’, රාජිත සහ නව ආණ්ඩුව | “එක්ස්ක්ලුසිව් ලයිව් – මේඩ් ඉන් ශ්‍රී ලංකා” | “අපි ජිවත් වෙන්නේ ලස්සන කියන එක කෘතිමව නිර්මාණය කරපු සමාජයක් ඇතුළේ”-නදීකා බණ්ඩාර- | ‘බිත්ති’ පමණක් ඇති ‘යුක්තිය’ නැති’ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ‘කාර්යාලයක් පමණක්’ කුමකටද? | ජාතික ගීතයේ භාෂා – සමාජ අර්බුදය | එක්නැලිගොඩ, සුගීර්තරාජන් සහ ජනවාරි 24
'........මෙහෙමයි, ‘ violence’ කියන එක තියෙනවා, හැබැයි ඒක අපි හංගනවානේ. අපි හංගලා ලස්සන රූපයක් හදලා තියෙනවානේ. බලන්න පාරවල් වල යන කොට පාරවල් ගොඩක් ලස්සනයි, හැබැයි අපේ සම්බන්ධතා ගොඩක් ලස්සනද ? කවුරු හරි වීදියක දැක්කොත් අපි ඉස්සරහට එන මනුස්සයා ලස්සනයි,එයා බ්‍රෑන්ඩඩ් ටි ෂර්ට් එකක් ඇඳලා ඇති, ලස්සනට කොණ්ඩේ හදලා ඇති, වෙළදාම විසින් හදලා දීපු මොකක් හරි එකකින් ඇඳගෙන අපි ඉස්සරහට එන මනුස්සයා ඉස්සරහට හම්බුනාම එයා ලස්සනයි නේ. ඇත්තටම එහෙම නෙවෙයි නේ.'-Nadeeka Bandara
February 2020
“මගේ මොනවද ඔයාට පෙන්න ඕනේ?” [ජාතිවාදය, පුරුෂාධිපත්‍යය සහ බුර්කාව] | #Exclusive ‘හමුදාව කිව්වා හොයන්න එපා කියලා’ ‘කිසිම ආණ්ඩුවක් යුක්තිය ඉෂ්ට කළේ නෑ, ඒ ගොල්ලෝ භීෂකයාගේ පැත්තේ හිට ගත්තා’ | හුස්මක් ගන්නේ නැතුව පෙම්වත්තු මරා දාපු මළවුන්ගේ මාසයක රිචඩ් | ‘නිදි පැදුරටත් නොකියා පෑළ දොරින් එළියට බහින මහා පුරුෂයා’ සහ ගබ්සාව ගැන මගේ අදහස | ‘මළ මිනියවත් කොහේද කියලා නෑ. ඔන්න උන් කරපු අපරාධ’ | ජිනීවා, සංක්‍රාන්ති යුක්තිය සහ රාජ්‍යයේ අපරාධවල ‘දකුණේ සළකුණු’ [Photos/Vidveo
'යටත් වුවන්ගේ ලැයිතුව හෙළි කිරීම හි වගකීමක්'
March 2020
VIDEO] ‘රටක්, ඒ රටේ දරුවන්ට සලකන විදිහ තමයි ඒ රටේ ‘ශිෂ්ඨත්වය’ පිළිබද ප්‍රධාන පිළිබිඹුව’ – නදී කම්මැල්ලවීර |සංක්‍රාන්ත් යුක්ති කලාපයක මානව හිමිකම් පිළිබඳ ශේෂපත්‍රයක් | “අපි මේකට කියන්නේ ඇඳ ණය කියලා” [ VIDEO] | “කොරෝනා භීතිය හමුවේ පහර කෑමට ලක්ව සිටින අවිධිමත් අංශයේ ආර්ථික කටයුතු මගින් යැපෙන සමාජ කොටස් වෙනුවෙන් සමාජ ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍යය” | කොරෝනා වෛරසය සහ කොමියුනිස්ට්වාදය | සුනිල් රත්නායක | ‘ජනාධිපති සමාව, වින්දිතයින් අවමානයට ලක් කරන්නකි.’ ‘අන්තර්ජාතික මානව හිමිකම් බැඳියාවන්ට අනුගත වීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳ මෙය තවත් එක් නිදසුනකි.’ – එක්සත් ජාතීන් | ගෙල සිඳ මරා දැමු 5 හැවිරිදි දරුවාගේ ඝාතනය එසේ සාධාරණීයකරණය වී, ‘ඝාතකයා වීරයෙක්’ විය.
‘රටක්, ඒ රටේ දරුවන්ට සලකන විදිහ තමයි ඒ රටේ ‘ශිෂ්ඨත්වය’ පිළිබද ප්‍රධාන පිළිබිඹුව’ – නදී කම්මැල්ලවීර
April 2020
‘අප සැලසුම් කළේ එදා යාපනය හිර ගෙදර සිටි ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර හිර ගෙදරින් නිදහස් කරගෙන දකුණට ගෙන ඒමටයි.’ | කාලය ගෙවී ගියත් මතකයන් මැකී නොයේ [බර්ටි රංජිත් හේනායකආරච්චි] | වසංගතය තුළ ජනාධිපති | වසංගතයක් තුළත් ‘මිත්‍යාව විකුණන මුදලාලි’ | කොරෝනා, වල්ගා තරු සහ දෙරණ | සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීම [ප්‍රතිචාර කිහිපයක්!] | ‘මට ඒ සාමය නැවත දකින්න ඕන’ | පාස්කු ඉරිදා ප්‍රහාරය – සමගිය, එකමුතු බව තුළින් වින්දියන්ට ගෞරවයෙන්… | අඟුළු දමා, අඳුරු නීතිය මගින් වසංගතය මැඩලීම | ‘බෙදුම්වාදීන් සහ අන්තවාදීන්’ | ‘…………කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා’ [සිවරාම් | ‘යුක්තිය’ නැතිව වසර 15ක්..] | ‘ආණ්ඩුවේ සමහර සේවාවන් වසා දැමීමට සිදුවුවහොත් එහි පිරිවැය ඉහළයි.’ [ මේ අවස්ථාවේ අනවශ්‍ය පරීක්ෂාවන් සහ අත්හදා බැලීම් නොකල යුතුයි
'රටේ ඉහළම අධිකරණය විසින් ලබාදුන් අධිකරණ තීන්දු නොතකා මෙවැනි දරුණු අපරාධ හමුවේ විධායක ජනාධිපතිවරු අත්තනෝමතික ලෙස තම බලය පාවිච්චි කරන තත්වයක් තුළ යම් ගැටලු සම්බන්ධයෙන් දේශීය පිළියම් නොමැති බව අවධාරණය කරමින් ජාත්‍යන්තර යුක්තිය ඉල්ලා සිටීම පිළිබඳව අප පුදුමයට පත් විය යුතුද?' - ත්‍යාගි රුවන්පතිරණ (සුනිල් රත්නායකට, ජනාධිපති සමාව දිම ගැන)
May 2020
#WPFD2020 ‘COVID19 වසංගතයට මුවා වී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පාලනය කිරීමට ඉඩ නොතැබිය යුතුය’ [Info-graphics] | ‘ජන කොටසකගේ ධාර්මික සංයමය විසින් සිදුවන්නට ගිය තවත් ‘සංහාරයක්’ නැවැත්වූවා!’ | කොරෝනා සහ මාධ්‍ය ආඛ්‍යානය [‘සිදුවන්නේ තමන්ගේ අභිමතය පරිදි වීරයා හා දුෂ්ටයා නිර්මාණය කිරීමේ සුපුරුදු ආඛ්‍යානයයි.’] | ‘මෙම වසංගතයෙන් වඩාත්ම හානියට පත්වන්නේ දුප්පත් මිනිසාය.’ [කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය] | කොරෝනා වසංගතය සමාජ ව්‍යසනයක් කිරීමට දායක වන තක්කඩි මාධ්‍යකරණය හෙළා දකිමු! | “ඔබ නීතිඥ හිජාස් හිස්බුල්ලා පිළිබඳ කල්පනා කරන විට ඔහු ගැන මාධ්‍ය හා සමාජ ජාල වල චිත්‍රණය කරන රූපය අවිචාරවත් ලෙස භාර නොගන්න. ඔහු පිළිබඳව අප දන්නා කරුණු සමඟ මෙම රූපය ගැලපේදැයි ඔබ ඔබෙන් විමසන්න” | එකොළොස් වසක ශේෂ පත්‍රය : මෙතැනින් කොතැනටද? | වෛරසයෙන් පසු ගෙවතු වගා උණ පහව නොයන්නට නම් | සමාජ මාධ්‍ය හැසිරීම කෙරෙහි වන වගකීම ඇත්තේ පරිශීලකයින්ට විතරක් ද ?
June 2020
#WorldEnvironmentDay | පරිසර දිනයට පමණක් කතා කරන ‘නකල්ස් හදවත’ (Photos) | ස්වභාවධර්මය අපට පණිවුඩයක් ලබාදෙමින් සිටීයි ; අප එය ඥානාන්විතව තේරුම් ගැනීමට සුදානම් ද? | ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය: සංහාරක ව්‍යාපාරය සහ සුදු පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතිකයෙකු මරා දැමීම: වැඩදායක පාඩම් | #PrideMonth2020 “මිනිසුන්ගේ ආදරය කිරිමේ අයිතිය උදුරගන්න එපා” : කොවිඩ් 19 වසංගතය හා LGBT ප්‍රජාව | ආයුධ සන්නද්ධ අරගලය පිළිබඳව අන්තරාවලෝකනය කිරීම සහ ද්‍රෝහි පට්ටම
'රජයක් විදියට සහයෝගයක් මේ වෙලාවේ ප්‍රජාවට ලැබුනේ නෑ. විශේෂයෙන්ම සමරිසි ප්‍රජාව ගත්තත් , නීතිමය රාමුව ඇතුළේ වැරදි කාරයෙක් වෙලා තියෙනවා. තමන් සමරිසි පුද්ගලයෙක් කියලා ගිහින් කියන්න බෑ.කිව්වට පස්සේ ලොකු ප්‍රශ්න, රජය ඇතුළේ ප්‍රජාවක් විදියට අපි සුරක්ෂිතද ?' - අනුහස් සඳරු
July 2020
ලාංකීය ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මේ කොන්දේසි | අවුරුදු 8 ක් දෙවියන්ගෙන්ම පමණක් යුක්තිය පතන්නට වී ඇති නිමලරූබන්ගේ අම්මා !!! | නවාලි දේවස්ථානයට බෝම්බ හෙළා අවුරුදු 25 ක් ! | විශේෂ නීතියෙන් මුස්ලිම් සමාජය භුක්ති විදින සිංහලයන්ට නැති වරප්‍රසාද මොනවාද ? | ෆේස්බුක් ප්‍රතිසංස්කරණ යනු ගෝලීය කරුණක් ලෙස දැකිය යුත්තක් | “මිලිටරීකරණයට විරෝධය එන්නේ රාජ්‍ය ඇතුලින්මයි. සමහරවිට එය රාජපක්ෂ පවුල ඇතුළින්ම එන්නත් පුළුවන්.” ආචාර්ය කලණ සේනාරත්න | ඒ මිනිසුන්ගේ හඬ මුඛ වාඩම් බැඳ නිහඬ කොට තිබේ.රම්සි රාසික් අත් අඩංගුවට ගෙන දින 100ක් ! | වෛද්‍ය කාවින්ද ජයවර්ධනට පිළිතුරක් [‘සම ලිංගිකත්වය මානසික රෝගයක්’ බවට වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශය සාවද්‍යයි]
'පුතාගේ පපුව ප්‍රදේශයේ බොහෝ තුවාල තිබෙනවා මම දැක්කා. ඔළුවෙ සහ පපුවෙ ලේ ගලලා තිබුණා. අත් සහ කකුල් කඩලා තිබුණා. කකුල් දෙකම ගැට ගහලා තිබුණා. මළ සිරුරෙන් දුර්ගන්ධයක් පිටවුණා. පුතාගෙ ඇගේ ඇදුම් තිබුණෙ නැහැ. සරමකින් මළ සිරුර වහලා තිබුණා..' - නිමලරූබන් ගේ අම්මා
August 2020
දේශපාලන සමරිසි භීතිකාව හා සමගි ජනබලවේගයේ නොහැකියාව | කුරුණෑගල රාජසභා මණ්ඩපය – නීතියේ ආධිපත්‍ය ‘ඩෝ-සර්’ ! | 1983 හී සුවිශේෂත්වය | “….අප ස්වභාවධර්මයේ ස්වාමිවරුන් නෙවෙයි” ගංගාවකට මිනිසෙකුට හා සමාන නීතිමය අයිතිවාසිකම් | “පොලීසියේ ඉහළ නිලධාරියෙක් මං ළගට ඇවිල්ල කිව්වා කරන් යන්ඩකෝ මං බලාගන්නං කියලා. අපි මොනවද කළේ.?” [International Day of the Victims of Enforced Disappearances] IMAGE/ VIDEO | “කවදා හෝ යුක්තිය ඉටුවේයැ’යි බලාපොරොත්තු සහගතව ජීවිතය ගෙවනවා විනා වෙන කිසිවක් කළ නොහැකි වීම ගැන මට ඇත්තේ නොදැරිය හැකි වේදනාවකි”: මගේ මල්ලි හිජාස් | [VIDEO]
September 2020
“පාංශූ” ගැන ඔබ නොදුටු කතා බහක් : “ඔබ ගෙදරින් එළියට ගිහින් ආවේ නැත්තන් ඔබේ අම්මයි තාත්තටයි මොකද හිතෙන්නේ”-විසාකේස චන්ද්‍රසේකරම්- | Her Life! Her Choice! ඇගේ ජීවිතය ! ඇගේ තේරීමයි ! | ශ්‍රී ලංකාවේ අතුරුදන් වීම්: අතුරුදන් වූවන්ගේ පවුල් සිදු කරන අරගල සහ එනිසා මුහුණ දෙන කරදර | ‘ඇයගේ ආදරණීය මනුෂ්‍යත්වය මා දැක්කේ එදාය.’ ආදරණීය සුනිලා අබේසේකරයන් පිළිබඳ මගේ මතකය…. | නිදහස් සහ සාධාරණ මැතිවරණයක මළගම | තවත් කදුළු කතාවකට පෙර ! | ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?
October 2020
[දෘශ්‍ය ප්‍රකාශන] “ගමනේ යා නොහොත් CORONA WITH BIG BROTHERS” | “මම හාර්ට් ඇටැක් තියෙන කෙනෙක්.මෙහෙ මේ විදියට ඉදලා මට කොරෝනා හැදුනොත් මම කොහොමත් මැරෙයි,මෙතන බල්ලෙක්ට වත් ඉන්ඩ පුළුවන් තැනක් නෙවෙයි” | මුතුරාජවෙල වැනසීමේ මැල්වත්ත සමාගමේ සියලූ සැලැසුම් පරාජය කළ යුතුය | මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රූප | විස්සෙන් පස්සෙ, ජනාධිපති පරම-අධිපතියෙකි | “1347 වෙනි දවසටත් උපවාස කරන අපි කන්නේ දවසටම එක වේලක්. අපේ දරුවෝ හොයා ගන්නකන් අපි බඩගින්නේ හරි උපවාස කරනවා”
November 2020
#ENDImpunity | යුක්තිය නැතිව!! | උවමනාවේ විලංගු වලින් ඔබ්බට ගිය විදේශ ප්‍රතිපත්තියක අවශ්‍යතාවය | මුස්ලිම්වරුන්ට අවධානමක් වූ කොරොනා කාලයේ මරණය | පෞද්ගලිකත්වයට සහ නිදහසට ඉහළින් පියාසර කරන ‘හමුදා ඩ්‍රෝන්’ | ගඟට ‘මුට්ටි’ දැමීම හැර වෙන කුමක් කරමුද? | හිජාස් වෙනුවෙන් යුක්තිය: කාලය කෙමෙන් ගතවනමුත්, නීතිඥ ප්‍රජාව තවමත් නිහඬයි | හිජාස් හිස්බුල්ලා: ශ්‍රී ලංකාවේ අවනීතියේ ජීවමාන සංකේතය
December 2020
මහර ඝාතනය සහ ‘ඝාතකයන් පෝෂණය කිරීම’ | “කිසිඳු රැඳවියෙකු අත කිසිඳු ගිනි අවියක් තිබී හෝ ඔවුන් ඒවා භාවිතා කර නෑ”- මහර අතුරු කමිටු වාර්තාව කියයි. | ‘සුදු ලේන්සුවට’ බය ඇයි? | #StopForcedcreamation “පාලකයිනි, ඔබලා පුළුස්සන්නේ අපගේ දේහයන් පමණක් නොව අපගේ හැගීම් ද පුළුස්සා දමයි” | ‘ගැත්තන්’ සිටිනතාක් ‘රදලයින්’ පාලන බලයේ ඉඳීවි | රංජිත් හේනායක ආරච්චි [VIDEO] | ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස පිළිබඳ නව පරිච්ඡේදයක් සඳහා වූ යෝජනාවලිය | ‘අපි පහු ගිය කාලය පුරාම කෑවට වැඩිය හිටියේ හාමතේ’ | සේවක අයිතිවාසිකම් අමු අමුවේ විනාශ කර දැමූ වසරක් තුළ ගෙවුනු සතියක්…..
Special Campaign #Covid19 | Freedom of Expression