Loading

ගමනේ යා නොහොත් Corona with Big Brothers

කොරෝනා වසංගතය ලොව පුරා පැතිරයන්නේ දරුණු සෞඛ්‍ය තර්ජනයක් පමණක්ම ඉතිරි කරමින් නොවේය යන්න පසුගිය කාලය පුරා අප අත් දුටු සත්‍යයකි. ඒ සමඟ පැමිණි පසු ව්‍යසන ඉතිරි කොට ඇත්තේ දීර්ඝ කාලින බලපෑම්ය. විශේෂයන්ම ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත මුල් අදියර තුළ එය මැඩපැවැත්වීමේ අරමුණ ඇතුව බවට හඟවමින් පොදු මහජනයාගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් , භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සිමා කරමින් සිදු කළ ක්‍රියා මෙහිදී කැපී පෙනේ.

මේවා අත්තනෝමතිකව ක්‍රියාත්මක කළ ඒවා වන තර කිසිදු නෛතික රාමුවකට යටත් නොවී තිබියදී පවා මහජන ආරක්ෂාවට බව පවසා ඇතැම් පුරවැසියන් සිරභාරයට ගැනීම, බලහත්කාරයෙන් රදවා තබා ගැනීම, ආගමික හා ජනවාර්ගික අනන්‍යතාවයන්ට වෙනස් කොට සැලකීම ආදිය සේම , නිරෝධායන රීතින් වලට අනුව පවා එක රැස් වීමේ අයිතිය අහිමි කිරීමේ සිද්ධීන් දිගින් දිගටම වාර්තා විය. විශේෂයෙන්ම බල අධිකාරින් විසින් මෙකි නිරෝධායන රෙගුලාසි නිරන්තරයෙන්ම උල්ලංඝණය කළ අවස්ථා කොතෙකුත් තිබියදී සාමන්‍ය මහජනයා කෙරෙහි අනුගමනය කළ ප්‍රතිපත්ති ඉතා දැඩි මෙන්ම නීති විරෝධී තත්වයක තිබුණි. කෙසේවෙතත් ඒ සියල්ලෙහි දෙවන අදියර දැන් පුරවැසියන් ලෙස අපි ගත කරමින් සිටිමු.

"පෞඩ ඉතිහාසයක" නමින් යට යමින් තිබෙන විශේෂයන්ම ලංකා ඉතිහාසය පුරා ලේඛන ගතව පවතින මෙන්ම ලේඛන ගතව නොපවතින, කාලය හා අවකාශය විසින් දුව්ලි අංශු බවට පත්වූ මතක බොහෝ දුරට විතැන් නොකොට පවතින සන්දර්භයන් වඩා සංයුක්තව අර්ථකථනය කරගැනීම උදෙසා පාඨක ඔබට, දෘශ්‍ය නිර්මාණ ශිල්පියෙකු වන සංජය එක්නැලිගොඩ සමඟ විකල්ප වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කරන දෘශ්‍ය ප්‍රකාශන එකතුවේ පළමු වැන්න මෙසේ පළ කරමු .

"මම සංජය එක්නැලිගොඩ. මම ග්‍රැෆික් නිර්මාණ ශිල්පියෙකු සහ දෘශ්‍ය කලාකරුවෙකු ලෙස මාව හඳුන්වාගන්න කැමතියි. මම සිනමාව පිළිබඳ සංක්ෂිප්ත පුහුණුවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඩිජිටල් ෆිල්ම් ඇකඩමියෙන් ලබා තියෙනවා. එහෙත් මගේ වර්තමාන ප්‍රකාශන මාධ්‍ය වෙන්නේ නිශ්චල රූපය. මගේ වැඩිම කුතුහලය සහ අවධානය යොමුවන්නේ සමාජය, එය හැසිරෙන ආකාරය සහ එහි සාමූහික චින්තාව දෙසට. කලාකෘතියක් ශිෂ්ටාචාරයේ ගමන් මගට අදාළ වන්නට නම් එය සාමූහික චින්තාවට බලපෑම් කිරීමට හැකි විය යුතු බව මගේ හැඟීම"

ගමනේ යා නොහොත් Corona with Big brothers

දෘශ්‍ය ප්‍රකාශනයේ සංක්ෂිප්ත සංකේත කියවීමට පහලට scroll කරන්න

වළාකුළු

අප ඉතිහාසයේ අඳුරු සිදුවීම් වළාකුළු වලින් වැසී ඇති බව සහ එම අඳුරු ඉතිහාසය නොසලකමින් දැනුවත් හා නොදැනුවත් කමකින් අපි සමාජයක් ලෙස එය මතින් ඉදිරියට ඇදෙන බව රාමුව තුළ රූප සංරචනයෙන් හැඟවේ. ලං වී බලන විට එම මතකයන් නැවත ආවර්ජනය කරගත හැකිය.

යුධ ටැංකි රෝද යොදා ඇති දඬුමොණර

යුධ ටැංකි රෝද යොදා ඇති දඬුමොණරයෙන් දෙමුහුම් දෘෂ්ටිවාදයක් මඟින් රජුන් තනා ඇති බව පිළිබිඹු කරයි. එය ඇදගෙන යන දම්වැල් දමා ඇති මිනිසුන් මෙම පෙරහැරේ ඉදිරි පෙළ නිරීක්ෂණය කරනා විට ඔවුන් යටත් වැසියන් බව ඉතාමත් පැහැදිලි කාරණයකි.

දඬු මොණරය උඩ සිටිනා පුද්ගලයින්

දඬු මොණරය උඩ සිටිනා පුද්ගලයින් (අයියලා) සිව් දෙනා මඟින් දිස් වන්නේ අපි අති උත්කර්ෂයෙන් කිරුළු පළඳා ඇත්තේ මොන ආකාරයේ පුද්ගලයන්ටද යන්නයි.

දඬු මොණරයට පිටුපසින් ඇති රථ පෙළ

දඬමොණරයට පිටුපසින් ඇති රථ පෙළින් දිස් වන්නේ මෙම දෘෂ්ටිවාදයේ , නොඑසේනම් මෙම සමාජීය දෘෂ්ටි ඌනතාවයෙන් සහ මෙම මජරත්වයෙන් වාසි ලබන සමාජ කොටසයි.

පසුතලය

පසුතලයේ ඇති දෙවල් වලින් දිස්වන්නේ වර්තමාන සන්දර්භය තුළ සමාජ පසුබිමේ ඇති දෙවල්ය. ඒවා අතර බොහෝ දේ වන අතර කොරෝනා වෛරසයද වේ. එය පසුතලයේ සිට පවතින ක්‍රමයට තවත් වාසි දායක තත්වයක් ඇති කරමින් ඇති දෙයකි.